ස්‌වාමියා භාග්‍යයවන්ත නිවසක්
ස්‌වාමියා භාග්‍යයවන්ත නිවසක්
පවුලේ ගෘහ මූලිකයා වශයෙන් අප හඳුන්වන්නේ පියාය. දූ දරුවන් සමග ඉතා සතුටින් කල් ගෙවන මවුපියන් අතර පිය සෙනෙහස අහිමි වී ගිය කොතෙකුත් දූ දරුවන් සහ සැමියාගේ සෙනෙහස අහිමි වූ බිරින්දෑවරුන් අප දැක ඇත. පියාගේ සෙනෙහස අහිමි වූ විට එම නිවසට ආරක්‍ෂාවක් නැති වී යයි. ගෘහයක ගෘහ මූලිකයාගේ ආරක්‍ෂාව නිවසට අහිමි වන අවස්‌ථා කිහිපයක් ඇත. එනම්,
- දික්‌කසාද වීම
- අනියම් සම්බන්ධතා ඇතිවීම/ විදේශ ගත වීම
- සිරගත වීම
- සදාකාලික අකර්මන්‍ය සහ රෝගාබාධවලට ලක්‌වීම
- සිහි විකල් වීම
- මරණයට පත්වීම
ඉහත කුමන හෝ ආකාරයකට ගෘහ මූලිකයාගේ රැකවරණය, ආරක්‍ෂාව ගෘහයට හා ගෘහයේ ජීවත් වන්නන්ට අහිමි වී යා හැකිය. මෙම ඛණ්‌ඩනයට නිවසේ වාස්‌තු දෝෂ ඉවහල් වන බව ඉපැරණි වාස්‌තුවේ සඳහන් වේ. නූතන සමාජයේ පවුල් ඒකකයේ මෙම බිඳ වැටීම ඉතා ප්‍රබල ගැටලුවක් බවට පත් වී ඇත. විවිධ සමාජමය දේශපාලනික හා ආර්ථික කරුණු විෂයෙහි ලා මෙම තත්ත්වයන් ඇති වූවද, මූල බීජයේ සකස් වීම අධ්‍යයනය කළ විට ගෘහයේ වාස්‌තුවල විශාල බලපෑමක් ගැබ්වී ඇති බව පෙනී යයි. මෙම ලිපියෙන් පහදා දීමට උත්සාහ ගන්නේ ගෘහ මූලිකයා හා නිවස අතර ඇති සම්බන්ධ ඛණ්‌ඩනය වීමට ඉවහල් විය හැකි වාස්‌තු දෝෂ පිළිබඳවය.
නිවසක් සෑම විටම සීහුම් කරන්නේ (බලගන්වන්නේ) නිවසේ ගෘහ මූලිකයාටයි. නැතිනම් සැමියාටයි. එය පොදු වාස්‌තු සිද්ධාන්තයකි. සැමියා නොමැති විට ගෘහ හිමි කාන්තාවට මෙම සීහුම් කිරීම කළද සැමියා සිටින සෑම විටම ගෘහ මූලිකයා වන්නේ ඔහුයි. මේ නිසා නිවසක සියලු වාස්‌තු බලගැන්වීම් සක්‍රීය වීම ගෘහ මූලිකයා පදනම් කරගෙන කෙරෙනු ඇත. නිවස හා ගෘහ හිමියා අතර පවතින මේ සම්බන්ධය ඛණ්‌ඩනය වීම කෙරෙහි නිවසේ ප්‍රධාන වාස්‌තු සිද්ධාන්ත නොගැලපී යාම හේතු පාදක වන බව වාසුදේව සෘෂි ලොවට කියා ඇත. එම කරුණු මොනවාද යන්න පිළිබඳව පිළිවෙළින් සලකා බලමු.
බ්‍රහ්ම පාදය බිත්තියකට යට කිරීම, බ්‍රහ්ම පාදය මත විල් පොකුණු ඉදි කිරීම, බ්‍රහ්ම පාදය මත පඩිපෙල්/ කණු හෝ වැසිකිළි ඉදි කිරීම වැනි කරුණු තුළින් බ්‍රහ්ම පාදය දුර්වල වේ. එවිට ගෘහය හා ගෘහ මූලිකයා අතර ඇති සම්බන්ධය දුර්වල විය හැකිය. මේ නිසා සෑම විටම නිවසේ බ්‍රහ්ම පාදය නිවැරදි ලෙස හඳුනාගෙන එය පිරිසිදුව හා නිදහස්‌ව පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුය. බ්‍රහ්ම පාදය පෑගුණාට කමක් නැත. එහෙත් එය නිසි ආකරයට සක්‍රීය කළ යුතුය.
බ්‍රහ්ම පාදය සක්‍රීය කිරීම
ගෘහ හිමියාගේ ජන්ම නැකතට ගැළපෙන ලෙස බ්‍රහ්ම පාදය සක්‍රීය කිරීම සඳහා දැව, පාෂාණ, මැටි ආදී ද්‍රව්‍ය භාවිත කළ හැකි අතර බ්‍රහ්ම පාදය මතට පච්ච වර්ණ පාපිස්‌සක් යොදා ඊශාන රේඛාවේ ස්‌වස්‌ථික ලකුණ ප්‍රදර්ශනය කිරීම මෙන්ම නිවැසියන් බ්‍රහ්ම පාදය අසලින් ගමන් ගන්නා විට ගෞරවාන්විතව ගමන් කිරීම වැනි කරුණු තුළින් බ්‍රහ්ම පාදය සක්‍රීය කළ හැක.
එසේම නිවසේ සටහන සහ මංගල ද්වාරයේ පවතින දෝෂ ගෘහ හිමියා සහ ගෘහය අතර පවතින සම්බන්ධය ඛණ්‌ඩනය වීමට හේතු විය හැකිය. ඔබගේ නිවසේ මංගල ද්වාරයේ පහත ලක්‍ෂණ ඇත්නම් ඒවා ඉතා කඩිනමින් ඉවත් කරගන්න.
- පියන් එළියට ඇරීම
- පියන් වමට ඇරීම (එළියේ සිට අරින විට මුලින්ම)
- උළුවස්‌ස හා පියන දිරා තිබීම
- උළුවස්‌ස ලඹ නොවීම
- අසුබ පාද වල පිහිටීම
- වැස්‌සට හා අව්වට නිතර ලක්‌වීම
- කළු පාට වර්ණ ගැන්වීම
- ප්‍රධාන උළුවස්‌සේ පහන් දැල්වීම හා විවිධ දෑ එල්ලා තැබීම
- ප්‍රධාන ද්වාරයට ඉදිරියෙන් එක එල්ලේ කණු හෝ ගස් පිහිටා තිබීම
- ප්‍රධාන ද්වාරයට එක එල්ලේ ගේට්‌ටුව පිහිටා තිබීම
- ප්‍රධාන ද්වාරයට එක එල්ලේ ඉදිරියෙන්ම තවත් නිවසක හෝ ආගමික ස්‌ථානයක ද්වාරයන් පිහිටා තිබීම
- ප්‍රධාන ද්වාරයට එක එල්ලේ හන්දියක් පිහිටා තිබීම
මංගල ද්වාරයේ පිහිටීමේ ඉහත දෝෂ නිවැරදි කර ගත් පසු මංගල ද්වාරය සහ නිවසේ පිටවීමේ අනෙකුත් ද්වාරයන් දෝෂ නොමැති ලෙස ගැළපීම සිදු කළ යුතුය. මෙහිදී විශේෂයෙන් ගෘහ හිමියා සහ නිවස අතර අයහපත් ගැළපීමක් ඇති කරනු ලබන ද්වාර සටහන් තුනක් ඉතා සක්‍රීය වේ. මෙවැනි ද්වාර සටහන් නිවසට එක් කර නොගැනීමට වගබලා ගත යුතුය.
- නන්ද ද්වාර සටහන (ස්‌ත්‍රී විනාශම්) – නැගෙනහිර+ දකුණු
- රිපුද ද්වාර සටහන (සොර සතුරු බිය, දේපළ විනාශ) – උතුරු+දකුණු
- කාන්තා ද්වාර සටහන (අධික වියදම්) – නැගෙනහිර+ බටහිර
මෙම ද්වාර සටහන අතරින් ගෘහ හිමියා කෙරෙහි ඉතාමත් අයහපත් ලෙස බලපානු ලබන ද්වාර සටහන වන්නේ නැගෙනහිර + දකුණ යෙදෙන නන්ද නමැති ද්වාර සටහනයි. මෙහි අර්ථය ස්‌ත්‍රී විනාශය ලෙස පැරණි සෘෂිවරු දක්‌වා ඇත. මෙම ද්වාර සටහන පරීක්‍ෂා කිරීමේදී දැකිය හැකි පොදු ලක්‍ෂණය වන්නේ ගෘහ මූලිකයාට ඉතාමත් අයහපත් වීමයි. එබැවින් මෙම ද්වාර සටහන නිවසකට නොයෙදීමට වගබලා ගත යුතුය. නිවසක් සඳහා ඉතාමත් සුදුසුම ද්වාර සටහන ලෙස සක්‍රීය වන්නේ නැගෙනහිර+ බටහිර+දකුණ දිශාවන්ගෙන් සමන්විත ” සුමුඛ” නැමැති ද්වාර සටහනයි.
වහලය යනු නිවසේ සිරසයි. වහලයේ පවතින දෝෂයන් සෘජුවම ගෘහ හිමියාට බලපායි. වහලයේ පවතින දෝෂ අතර ප්‍රධාන දෝෂ පහතින් දක්‌වා ඇත.
- සොහොන් පරාල යෙදීම
- පරාල ඉරට්‌ටේ සංඛ්‍යා ගැනීම
- ගෘහ හිමියාගේ උසට වඩා අඩු දිග සහිත මූට්‌ටු මුදුන් ලීය සහ යට ලී සඳහා යෙදීම
- තනි පලයේ වහල
- ඉතා සංකීර්ණ හැඩතල සහිත වහල
- පල දෙකක ජලය එකට එකතු වීම
- කළු වර්ණ දැව යෙදීම හා කළු වර්ණ ගැන්වීම
කැණි මඩල (පරාල සියල්ල එක් තැන් වන තැන) වහලයේ ඉහත දෝෂ සහගත තත්ත්වයන් ගෘහ හිමියා සහ නිවස අතර පවතින සම්බන්ධය ඛණ්‌ඩනයට හේතු විය හැක. එසේම වහලයට දැව තැබීමේදී ගෘහ හිමියා ඒ සඳහා සෘජුවම දායක වීම තුළ වහලයේ පවතින වාස්‌තු දෝෂ සමනය කිරීමට හේතු වේ.
ගෘහ හිමියා යනු ගෘහයේ ප්‍රධානියා මෙන්ම මුල්ගල යනු නිවසේ ප්‍රධාන ගෘහ ස්‌ථම්භයයි. මෙම මුල්ගල තැබීමේ දී සුබ මූර්තියෙන් තබන අතර එය නිවසේ ජීව කාලය තුළම ගෞරාන්විතව ආරක්‍ෂා කළ යුතුයි. වාස්‌තුවේ සඳහන් පරිදි ගෘහ මූලිකයාට හා සමාන වැදගත්කමක් ගෘහ ආරම්භක ස්‌ථම්භයටද හිමිවේ. නූතනයේදී කොන්ත්‍රාත්තරුවකුට හෝ නිවාස සාදනු ලබන සමාගමකට ගෘහය සෑදීමට භාර දෙන අතර නැවත ගෘහ හිමියා නිවස වෙත යන්නේ ගෙට ගෙවදීම සඳහායි. මෙවැනි තත්ත්වයක් තුළ මුල්ගල වෙනස් කිරීමට හෝ පෑගෙන ස්‌ථානයකට යෙදීම සිදුවිය හැක. එසේම නිසියාකාරව සැලැස්‌මක් නොමැති වීමද, සැලැස්‌ම නිතර නිතර වෙනස් කිරීම නිසාද මුල්ගල පෑගෙන ස්‌ථානයකට පත් වීමේ හැකියාවක් ඇත. මෙසේ මුල්ගල පෑගීමට ලක්‌වීම මෙන්ම මුල්ගල තැබූ බිත්තියේ වැසිකිළි හෝ වැසිකිළි වළවල් යෙදීම නොකළ යුතුය. මේ නිසා ගෘහය සහ ගෘහ හිමියා අතර ඇති සම්බන්ධය දුර්වල වීම සිදු වේ.
වාස්‌තු ශිල්පයට අනුව දිශාව ඉතා වැදගත් සාධකයකි. විශ්ව ශක්‌ති කේන්ද්‍රික න්‍යාය යටතේ ඊශාන හා නිරිත දිශා ඉතා වැදගත් වේ. නිවසේ ගෘහ හිමියා සෑම විටම නිරිත දිශාවේ සිටිය යුතුවේ. ඊශාන, ගිනිකොණ, වයඹ, ඉතාමත් අයහපත් වේ. එසේ බ්‍රහ්ම පාදයේ කාමර පිහිටා ඇති විට ගෘහ හිමියා එම කාමරයේ ස්‌ථාන ගත නොවිය යුතුය. මෙයින් ගෘහ හිමියා සහ ගෘහය සමග ඇති සම්බන්ධතාව අයහපත් වනු ඇත.
SL DREAM HOUSE...
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment