කුජ හතට බිය විය යුතුද!

No comments




            කුජ හතට බිය විය යුතුද!




                                                                                                                             
       




නව ග්‍රහයන් අතරින් විවාහයට තදින්ම බලපාන ග්‍රහයා වන්නේ කුජය. සමහරු සිතන්නේ සිකුරු බලවත් කියාය. සිකුරු විවාහ කාරකයා බව ඇත්තය. නමුත් ලේ ධාතුවට අධිපතිත්වය දරන බැවින් විවාහයේදී සිකුරුට වඩා කුජ බලවත් බව ජ්‍යෙdතිෂ සිද්ධාන්ත මගින් ඔප්පු කළ හැකිය.
දැරියක්‌ මල්වර වීමේදී ප්‍ර්‍රධාන වන්නේ කුජගේ භූමිකාව වන අතර විවාහය සඳහා පොරොන්දම් ගැලපීමේදී ප්‍රධාන වන්නේ කුජගෙන් යෙදෙන “කුජ දෝෂය” හෙවත් “කුජ භෞම දෝෂය”යි. එවැනි දෝෂයක්‌ යෙදී තිබෙන කේන්දර පිළිබඳව විශේෂ අවධානයක්‌ විවාහයේදී යොමු කිරීම අතීතයේ පටන්ම සිදුවන්නකි. එමෙන්ම රඡ්ජු පොරොන්දමේ ශීරෝ රඡ්ජුවට වෙන්කර තිබෙන නැකැත් තුනම කුජට අයත්වීමෙන්ම කුජගේ බලය විවාහයේදී කොතරම් බලවත් දැයි සිතා ගැනීමට පුළුවන. ඒ වාගේම ස්‌ත්‍රීන්ගේ මාස්‌ ශුද්ධියට මෙන්ම දරු පල හටගැන්මට ද කුජ ග්‍රහයාගෙන් සුවිශේෂී බලපෑමක්‌ ඇති බව ජ්‍යෙdතිෂයේදී තහවුරු වී ඇත.
පොරොන්දම් පරීක්‍ෂණයේදී “භෞම දෝෂ” පිළිබඳව සොයා බලන්නේ විවාහයට කුජ ප්‍රධාන වන බැවිනි. ජන්ම පත්‍රයක කුජ 1, 2, 4, 7, 8 සහ 12 යන ස්‌ථානයක පිහිටා තිබීමෙන් එම ජන්මියාට භෞම දෝෂ බලපාන බව සොයාගෙන තිබේ. විශේෂයෙන් කුජ හතේ සිටීම පිළිබඳව ද අතීතයේ සිටම අපේ ගම්බද ඇත්තන් තුළ ඇත්තේ බියකි. එය අශුභ පිහිටීමක්‌ බවත්, එම නිසා විවාහ ජීවිත අවුල්වන බවට ඔවුන් තුළ මතයක්‌ ගොඩනැගී ඇත. එය කොතෙක්‌ දුරට සත්‍ය දැයි විමසා බලමු.
කුජ හතේ බලවත් ලෙසින් පිහිටා ඇති ස්‌ත්‍රීන්ගේ වැදගත්ම අංගවලින් එකක්‌ වන ළය පෙදෙස පිරිපුන් පයෝධරයන් ගෙන් මෙන්ම, ඉණ පෙදෙස පුළුල් වූ උකුලකින්ද සමන්විත වන බව ජ්‍යෙdතිෂවේදීන් පෙන්වා දී තිබේ. එය ස්‌ත්‍රීන්ගේ රූප සෝභාව වර්ධනයට ද දායකත්වයක්‌ සපයා ඇත.
හතේ කුජ නරකය කියන කථාවේ සත්‍යයක්‌ නැත්තේ ද නොවේ. කුජ හත්වැන්නේදී සමීප ඥතියා නසන බව ප්‍රකට කරුණකි. එසේ කියන්නට
පැරැන්නෝ පෙලඹුණේ මන්ද? හත විවාහය පිළිබඳ කියෑවෙන හා ඒ පිළිබඳව කතා කරන ප්‍ර්‍රධාන ස්‌ථානය වන අතර එහිදී සමීප ඥතියා වන්නේ සැමියාගේ නම් බිරිඳය. බිරිඳගේ නම් සැමියාය. එසේ වුවද කුජට ඕනෑ ආකාරයට නෑයා මැරීමට නුපුළුවන. නෑයා කවරකු වුවද උපතින්ම ගෙන ආ පිරිහුණ ආයුෂ ඇත්තකු වුවහොත් එසේ වීමට පුළුවන. එවැනි මන්දායුෂ ඇති අය හතේ කුජ සිටියත් නැතත් මැරෙනවාමය. එය වළක්‌වන්නට ශක්‍ර දෙවියන්ට වත් බැරිය.
කුජ හතේ සිටි පමණින් සැමියා හෝ බිරිඳට විපත් සිදුවන්නේ නැත. එසේ සිදුවීමට නම් තවත් කරුණු කාරණා කිහිපයක්‌ ඊට එකතු විය යුතුමය. එය මරු කපොල්ලක්‌ බවට පත්වන්නේ එවිටය. එසේ නැතිව කුජට පමණක්‌ තනිව හතේ නෑයා මැරීම කළ නොහැක.
කුජ හතේa සිටියදී හෝ හත පෙනුණ විටදී නියම වයසේදී හෝ ඊට කලින් විවාහ දිවියට ඇතුළත් වන ජන්මීන් ප්‍රමාණය වැඩි අගයක්‌ ගනී. බොහෝ විට සිදුවන්නේ ළාබාල විවාහයන්ය. පාසල් යන අවධියේදී රාහු මහ දසාවක්‌ ලද විට කුජ හතේ සිටින අය බොහෝ විට පාසල් දිවියට ආයුබෝවන් කියා, විවාහ දිවියට ඇතුළත් වන අවස්‌ථා අපමණය.
කුජ හතේ සිටින ජන්මීන්ට විවාහය ප්‍රමාදවීම යහපත් නැත. එසේ වීමෙන් විවාහ නොවී සිටීමට ඇති ප්‍රවණතාව වැඩි අගයක්‌ ගනු ඇත. මගේ පර්යේෂණයන්ට අනුව අඩු වයසින් විවාහ දිවියට ඇතුළත් වූ කුජ හතේ සිටින කාන්තාවන් තම සැමියාට දක්‌වනුයේ සිතාගත නොහැකි අන්දමේ ආදරයකි. තම සැමියාට විරුද්ධව වචනයක්‌ හෝ කීමට ඇය තම ඥතීන් හටද ඉඩ නොදෙන අතර ඒ වෙනුවෙන් සටන් කිරීමටද මැළිවන්නේ නැත.
කුජ ළෙයට අධිපතියා බව පෙර සඳහන් කර ඇත. එම හේතුව මතම කුජගෙන් ශක්‌තිමත් බව හා කාමභෝගී බවද නියෝජනය කෙරේ. හත්වැන්න විවාහ ස්‌ථානය, කලත්‍රස්‌ථානය වන බැවින් පුරුෂ දෙදෙනාගේ ලිංගිකත්වයද එම ස්‌ථානයෙන් නියෝජනය වීම රහසක්‌ නොවේ. එම නිසාම අඹු සැමි දෙපළකගේ විවාහ දිවියේ සාර්ථක අසාර්ථක භාවයද හත්වැන්නෙන් ප්‍රකාශ වනු ඇත.
හත්වැන්නේ කුජ සිටින පුද්ගලයා සතුව අධික කාමවේගයක්‌ පවතී. එම තත්ත්වය ජන්මියාට ආරෝපණය කරනුයේ වෙනත් ග්‍රහයකු නොව කුජමය. එම අධික කාම වේගය හා කාම පිපාසය සංසිඳවීමට හැකි වන්නේ තවත් එවැනිම හතේ කුජ පිහිටන ලද විරුද්ධ ලිංගිකයකුට පමණි. එනිසාම හතේ කුජ පිහිටා ඇති කේන්ද්‍ර සඳහා ගැලපෙන්නේ එවැනිම හතේ කුජ පිහිටි කේන්දර බව මගේ විශ්වාසයයි.
එසේ වුවත් හතේ පිහිටන ලද කුජගේ බලය හීන වීම තුළින් කුජ හතට කුජ හතේම කෙන්දරයක්‌ අවශ්‍ය වන්නේ නැත. නමුත් ගුරුගේ හෝ සිකුරු ගේ ග්‍රහ දෘෂ්ටියක්‌ නොලබා නීචව හෝ දුර්වලව සිටිය හොත් දික්‌කසාදයක්‌ හෝ ද්වේෂ සහගත ලෙසින් අතහැර යැමක්‌ සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති අතර එක්‌ අයෙකුගේ මරණය පවා සිදුවීමට එය හේතුවක්‌ වනු ඇත. එසේ සිදුවන්නේ අනික්‌ පුද්ගලයාගේ හතේ කුජ සිටීම නිසාම නොවන අතර මිය යන පුද්ගලයාගේ මරණය සඳහා එක්‌ රැස්‌වූ කේන්ද්‍රීය සාධක සමග කර්මය සමපාත වීමෙනි.
කුජ හතේ සිටින අය සමග හවුලේ කටයුතු කිරීම තරමක්‌ අපහසුය. තද වචන පාවිච්චි කරන මොවුන් සමහර විට යමක්‌ ඉදිරිපත් කරන ආකාරයද ආවේගශීලීය. ප්‍රකෝපකාරීය. සමහර දේවල් කටට ආ පලියට කියා දමන්නේ අන් අයගේ සිත් එමගින් රිදෙන බව පිළිබඳවද මොහොතකට වත් නොසිතාය. ආඩම්බරකාරී බවින් යුක්‌ත වන අතර උද්දච්චකම ඇඟපුරාමය. එලෙසින්ම මහන්තත්ත්වකමද ඇති අතර තමා අන් අයට වඩා උසස්‌ යෑයි නිතර සිතමින් මොනර ලීලාවෙන් ජීවත්වන්නට සිතා ගනී. තමා පිළිබඳව තමා විසින්ම අධි තක්‌සේරුවක්‌ ඇති කර ගැනීම කුජ හතේ සිටින අයගේ ප්‍ර්‍රධාන දුර්වලකම ලෙස පෙන්වා දිය හැක. කෝප ගැන් වුණ විටදී ඉතාම දරුණු ක්‍රියාවකට හෝ පෙලඹෙන මොවුන් තුළින් එවිට ලොව සිටින භයානකම නපුරා දැක ගත හැකිය. කුජ හතේ සිටින පුද්ගලයන් පිළිබඳව කරන ලද පර්යේෂණයන්වලදී කටක ලග්නයේ ගුරු පිහිටන ලද කේන්දරයක සත්වැන්න වූ මකරයේ කුජ පිහිටා තිබිණි. කටකයේ ගුරු උච්ච වූවා සේම හත්වැන්න වූ මකරයේදී කුජ උච්ච වේ. ඔහු ආකර්ෂණීය, ප්‍රිය මනාප පුද්ගලයකු වූ අතර ඉතා ධාර්මික මෙන්ම ත්‍යාගශීලී පුද්ගලයකු වූ අතර උසස්‌ මනසකින් යුත් මිත්‍රශීලි අයකු ලෙස ප්‍රසිද්ධියක්‌ උසුලන්නෙකි.
එහිදී උච්ච ගුරුගේ සප්තම දෘෂ්ටියට සත්වැන්නේ සිටි උච්ච කුජ ලක්‌ විය. මෙම පිහිටීම “කුජ දෝෂය” නොහොත් “භෞම දෝෂය” සුන්නත් ධූලි කරවන ග්‍රහ පිහිටීමකි. එසේ වූයේ ග්‍රහයින්ගේ බලවත් කම කරණකොටගෙන බව අවිවාදයෙන් පැවසිය හැක. එලෙස කුජ දෝෂය භංග කරවන ක්‍රම රාශියක්‌ ජ්‍යෙdතිෂයේ පෙන්වාදී තිබෙන බැවින් හතේ කුජ දුටු පමණින් “භෞම දෝෂ” ඇතැයි පැවසීමට කලබල නොවීම උගත් ජ්‍යෙdතිෂඥයාගේ යුතුකම වේ.
හතේ සිටින කුජ ග්‍රහයාව රවි දුටුවහොත් විවාහයෙන් වෙන්වීම සිදුවේ. ස්‌ත්‍රීන්ගේ හතේ සිටින කුජට වඩා පුරුෂයන්ගේ හතේ සිටින කුජ දරුණු බව පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇති අතර භාර්යාවගේ අකල් වියෝව සඳහා පුරුෂයාගේ හත්වැන්නේ පිහිටන ලද කුජ වැඩි දායකත්වයක්‌ දක්‌වන බව පර්යේෂණයන් මගින් සනාථ කරගෙන ඇත. එය ඉතාම නරක තත්ත්වයකි. එවැනි අයට නොයෙක්‌ ආකාරයේ මහජන විරෝධතාවලට මුහුණදීමට සිදුවන අතර අනතුරුවලින් පීඩා විඳීමට ද සිදුවෙයි.
හතේ කුජ සිටින ස්‌ත්‍රීන්ගේ ස්‌වාමි පුරුෂයා තේජවන්ත පෙනුමක්‌ ඇති කීර්තිමත් අයකු වන අතර තම ස්‌වාමි පුරුෂයා හේතුකොට ගෙන එවැනි ස්‌ත්‍රීන් ආඩම්බර කාරියක ලෙස සමාජයෙහි බැබළෙනු ඇත. නිර්භීතව සමාජය තුළ ගැවසෙන හතේ කුජ පිහිටන ලද ස්‌ත්‍රිය පුරුෂාධිපත්‍යය යට කරගෙන නැගී සිටින අතර දැනුම් තේරුම් ඇත්තියක ලෙස පිරිසකට නායකත්වය පවා දරන්නියකද වේ.
ලග්නය තුලාව වී හත්වැන්න වූ මේෂයේ කුජ තැන්පත්වීම ඉතා යහපත් බලවත් පිහිටීමක්‌ ලෙස සෘෂීහු පෙන්වාදී ඇත. පුරුෂ කේන්දරයේ හතේ සිටින කුජට එක්‌ චින්තන මාරක ස්‌ථානයක්‌ පවතින බව කියා තිබේ. එම මාරක තත්ත්වය උදාකරවීම සඳහා කුජට නිසි බලය ලබාදෙන්නේ, හත අධිපතියාගේ හා චන්ද්‍ර( සිකුරු දෙදෙනාගේ ප්‍රතික්‍රියා අනුවය. හත අධිපතියා කුජට වඩා බලවත්ව සිටිය යුතු අතර සඳු සිකුරු හත අධිපතියා අභිභවා සිටීමට සමත් විය යුතුය. ජන්මියාගේ ආයුෂ කාරකයා ඒ අවස්‌ථාවේ දුර්වලව සිටිය යුතුය. “චින්තන කරන ස්‌ථානය” සම්පූර්ණ වීමට නම් පහසු අවස්‌ථාවක්‌ උදා වෙතැයි සිතිය නොහැක. ඉහතින් දක්‌වන ලද අවස්‌ථා තුනම සම්පූර්ණ වීම යනු ජීවිත කාලය තුළදී එක්‌වරක්‌ පමණක්‌ අත් විඳීමට ලැබෙන ඉතාම දුර්ලභ මාරක අවස්‌ථාවන් ලෙස පෙන්වාදිය හැක. වැඩි දෙනකුට එවැනි තත්ත්වයකට මුහුණ පෑමට සිදු වන්නේ නැත.
හතේ කුජ සිටින කාන්තාව මල්වර වීමත් සමග පිරුණ අඟÊපසක ඇති තැනැත්තියකගේ ස්‌වරූප ගන්නා අතර අඩු වශයෙන් විවාහ වීමට එයද හේතුවක්‌ වනු ඇත. හතේ කුජ හෙවත් අඟහරු බලවත්ව සිටින කාන්තාවන් වයසට ගියත් වයස පෙනෙන්නට නැත. ඔවුන් තමන්ට ස්‌වභාවයෙන්ම ලැබුණ රූමත්කම තව තවත් ඔප මට්‌ටම් කර ගැනීමට කාලයත් ධනයත් වැය කරන්නේ කිසිම ලෝභකමක්‌ නැතිවය.
වයසට යන්නට පෙර තුරුණු වියේ අග කොටසේදී “ආච්චි අම්මලා” බවට පත්කරවීම හතේ කුජගේ තවත් ජීවිත වික්‍රමයකි. ඊට හේතුව ඉක්‌මනින්ම විවාහ වී, දරු සුරතල් බලා දරුවන්ගේ දරුවන්ද සුරතල් කිරීමට කඩිනමින්ම අවස්‌ථාවක්‌ ලබාදීමට බලවත් හතේ කුජ පරිත්‍යාගශීලී වීමයි. ඇත්ත වශයෙන්ම එවැනි ආච්චිලා වාසනාවන්තියන් බව අමුතුවෙන් කිව යුතු නැත.
කුජ හතේ සිටින කාන්තාවන්ගේ විවාහය, ළාබාල වියේදී සිදුවන්නේ හිතුවක්‌කාරී අන්දමිනි. ප්‍රේම සම්බන්ධතාවක්‌ මුල්කරගනිමින් එවැනි විවාහ බොහෝ විට සිදුවන්නේ දෙමාපිය, ඥාති විරෝධතා මධ්‍යයේ වීම විශේෂත්වයකි. ඔවුන්ට ලැබෙන දරුවන් ද අඩු වයසින් ළාබාල වියේදීම විවාහ වන බව බොහෝ විට අත්දැක තිබේ.
මා දන්නා හඳුනන ස්‌ත්‍රී, පුරුෂ බොහෝ දෙනකුගේ කේන්දරවල කුජ ග්‍රහයා හත්වැන්නේ තැන්පත්ව සිටින බැවින් ඔවුන්ගේ ජීවිත පිළිබඳව අධ්‍යයනය කිරීමේ මහඟු අවස්‌ථාවක්‌ මා හට හිමිව ඇත. එලෙස පිරික්‌සන ලද කේන්දරවල දොaෂ භංග වූ අවස්‌ථා පිළිබඳව මා විශේෂයෙන් විමසිලිමත් වූ අතර ඔවුන්ගේ ජීවිතවලට ඔරොත්තු දීමේ ශක්‌තිය හතේ සිටින කුජ හෙවත් අඟහරු ලබා දී ඇති බව මගේ පර්යේෂණයන්වලදී මනාව සනාථ විය.
හතේ කුජ සිටින පිරිමියාට හතේ කුජ සිටින ස්‌ත්‍රියක්‌ හෝ හතේ කුජ සිටින ස්‌ත්‍රියට හතේ කුජ සිටින පුරුෂයකු හෝ කරකාර බන්දවාදීම පුරාණයේ සිටම එන සිරිතකි. සිරිතකටත් වඩා උපක්‍රමයකි. විෂෙන් විෂ නැසීමේ මෙම ක්‍රමවේදයට අනුව බලන විට දෙදෙනාගේම කුජ හතේ බැවින් දෙදෙනාම චණ්‌ඩීන්ය. චණ්‌ඩීන් දෙදෙනකු හැම විටෙකම එකිනෙකා දෙස බලන්නේ සැකමුසුවය. චකිතයකින් යුතුවය. ගිහි ජීවිතයට අවශ්‍යම දේ වන ගෞරව සම්ප්‍රයුක්‌ත බිය දෙදෙනාගේ මෙම චකිතය තුළ අන්තර්ගතව ඇත. සාමයට මාර්ගය එයම වේ. පවුල් අවුල් අඩු කිරීමේ උපක්‍රමයක්‌ ලෙස අතීතයේ සිටම භාරතීය සංස්‌කෘතිය තුළ ද මෙම ක්‍රමය භාවිත කර ඇති බවට සාක්‍ෂි තිබේ.
සමහරු හතේ කුජ පිහිටන ලද කේන්දරවලට හතේ ශනි සිටින කේන්දර ගැලපේ යෑයි පවසති. එයද සියුම් උපක්‍රමයකි. සෙනසුරු ලෝකෝත්තර බව නියෝජනය කරනු ලබන තිර ගති ගුණ ඇති ග්‍රහයකු බැවින් විවාහය කඩා බිඳ දමාගෙන නොයන බව තහවුරු කරගත් පැරණි ජ්‍යෙdතිෂවේදීන් හතේ කුජ සිටින කේන්දර සඳහා හතේ ශනිව යෝජනා කර තිබේ.
හතේ කුජ සිටින කේන්දරවලට තවත් සමහරු හතේ රාහු සිටින කේන්ද්‍ර සොයන බව අපගේ පර්යේෂණයන්ගෙන් හෙළිවිණි. ඒ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනයේ යෙදීමෙන් එහි ඇති රහස කුමක්‌දැයි වටහා ගැනීමට ලැබිණි. මන්ද යත් රාහු සිටින ජන්මියාට පෙර හතේ කුජ සිටින්නා මියයන බවට පිළිගත් සත්‍යයක්‌ ඇති අතර හතේ කුජට වඩා හතේ රාහු අනතුරුදායක බවට සමාජ සම්මතයක්‌ ගොඩනැඟී තිබීම ඊට හේතුව වී ඇත.
එය දැඩි ආත්මාර්ථකාමී බවක්‌ ප්‍රකට කරවන ක්‍රියාදාමයක්‌ වන අතර තමාගේ ජීවිතය පිළිබඳව වැඩියෙන් සලකන අනෙකාගේ ජීවිතය අඩුවෙන් තක්‌සේරු කිරීමකි. කපටිකමක්‌ වන මෙම ක්‍රියාව මනුෂ්‍යයන් වන අප හට කිසිසේත් නොගැලපෙන්නක්‌ වන අතර සාධාරණ ක්‍රියාවලියක්‌ ලෙස එය කිsසිම විටෙක අපට අනුමත කළ නොහැක. එමෙන්ම එය යහපත් විවාහ ගැලපීමක්‌ ලෙස කිසිම දාක සමාජයට ඉදිරිපත් කළ නොහැකි බව අවධාරණයෙන් පැවසිය හැක.
හතේ කුජ පිහිටන ලද ජන්මීන් වාසනාවන්තයන් බවට සමාජයේ පිළිගැනීමක්‌ ඇත. හතේ තැන්පත් බලවත් කුජගෙන් “රුචක” නමැති පංච මහා පුරුෂ යෝගය යෙදෙන අතර එය බලගතු රාජයෝගයක්‌ ලෙස ජ්‍යෙdතිෂයේ හඳුන්වා දී ඇත.
මෙම යෝගය යෙදුණු ජන්මියා කෙරෙන් නිර්භීත බව, තේජාන්විත බව, බල පරාක්‍රමය මෙන්ම ආඥපති ස්‌වරූපය ද පැහැදිලිවම දැකගත හැකිය. මැනවින් වැඩුණ සවිබල දේහයකට උරුම හිමිකම් පාන මෙම යෝගධාරීන් සම්ප්‍රදායානුකූල සිරිත් විරිත් ආදිය හිස්‌ මුදුනින් පිළිගන්නා භාග්‍යවන්තයන් වේ. ආගම දහමට හා ඒවා ඇදහීමට මුල් තැනක්‌ දී ක්‍රියා කරන්නන් වන අතර ප්‍රිය මනාප පෞරුෂයකින් ද යුක්‌ත වේ. මහත් වූ පුණ්‍යකර්මයන්හි යෙදෙන මොවුන් පසුපස වාසනාව හා කීර්තිය ලුහුබැඳ එනු මා, මගේ හිතවත්ම මිතුරා තුළින් අත්දැක තිබේ. “රුචක” යෝගයේ පල නිසි ලෙසින් භුක්‌ති විඳින ඔහු තම වියදමෙන් ගම්වැසියන් හා හිතමිතුරන් වන්දනාවේ රැගෙන යැමෙන් මහත් තෘප්තියක්‌ ලබන පරිත්‍යාගශීලී පින්වතකු බව අවිවාදයෙන් පැවසිය හැක.
ඉහත කී කරුණු අනුව බලන කල හතේ තැන්පත් බලවත් කුජ මිනිසුන් හිතන තරම් නරක නැත. හතේ කුජ සිටින කේන්දරවලට හතේ කුජ, ශනි, රාහු සිsටින කේන්දරවලට වඩා හතේ ශුභයන් සිටින කේන්දර වඩාත් සුදුසු බව අපගේa ගුරු පරම්පරාවේ මතයත්, මාගේ අත්දැකීම් මතත් පැහැදිලිව ප්‍රකාශ කළ හැක.
                                               SL DREAM HOUSE..

No comments :

Post a Comment